Skip to main content

Linux Networking Basics Beginners Practical Guide In Sinhala

Linux Networking Basics: IP, DNS සහ Routing Explained – Beginners  Practical Guide 

හැඳින්වීම (Introduction)

Linux system එකක් Internet එකට connect වෙලා තියෙනවද?
Server එකක් reachable ද?
Website එක load වෙන්නේ ඇයි, නැත්නම් ඇයි fail වෙන්නේ?

මෙවැනි ප්‍රශ්නවල root එක තියෙන්නේ  Linux Networking Basics වල.

Cybersecurity, ethical hacking, system administration, cloud engineering මේ හැම field එකකටම
IP, DNS, Routing කියන්නේ අනිවාර්ය මූලික දැනුමක් .

IP Address කියන්නේ මොකක්ද? (Understanding IP)

IP Address කියන්නේ network එකක් තුළ device එකක් identify කරන unique number එකක්.

හරියට  Phone number එකක් වගේ:

  • Call කරන්න phone  number එකක් ඕන

  • Data send කරන්න IP ඕන

Common IP Types

  • IPv4 → 192.168.1.10

  • IPv6 → Modern networks සඳහා

Linux system එකේ IP බලන්න:

ip a

or

ifconfig

Cybersecurity perspective:

  • Wrong IP configuration → No connectivity

  • Exposed public IP → Attack surface

DNS කියන්නේ මොකක්ද? (Name to IP Translator)

DNS (Domain Name System) කියන්නේ
Website name එක IP address එකට translate කරන system එකට.

Example:

  • google.com → 142.250.xxx.xxx

Linux එක DNS භාවිතා කරන්නේ:

cat /etc/resolv.conf

DNS failure නම්:

  • Internet තියෙනවා

  • Website open වෙන්නේ නෑ

yber attacks:

  • DNS spoofing

  • Fake websites redirect

Routing කියන්නේ මොකක්ද? (How Data Finds the Path)

Routing කියන්නේ
Data packet එක මොන පාරෙන්ද  යන්නේ  කියලා තීරණය කරන process එක.

Linux system එකට:

  • Local network

  • Router

  • Internet

මේවා අතර route table එකක් තියෙනවා.

Route බලන්න:

ip route

Example output:

  • Default route → Router

  • Local route → Same network

Routing mistake:

  • Server unreachable

  • VPN issues

  • Cloud connectivity failures

IP + DNS + Routing = Full Network Flow

Example: Browser එකෙන් website එකක් open කරනකොට

1️⃣ DNS → Domain name → IP
2️⃣ IP → Target system identify
3️⃣ Routing → Best path select
4️⃣ Data sent & response received

මේ මොකක්ම හරි  step එකක් fail නම් → Network එක down

Real-World Linux Examples

Server Issue Case

Problem:

  • Server ping වෙන්නේ නෑ

Check:

  • IP assigned ද?

  • DNS working ද?

  • Route correct ද?

Solution:

  • IP fix

  • DNS update

  • Route correction

90% Linux network issues basics වලින්ම solve වෙන්න පුළුවන්.

Cybersecurity Importance

Linux networking basics දන්න කෙනෙක්:

  • Attack paths understand කරනවා

  • Firewall rules design කරනවා

  • VPN, Cloud, Containers manage කරනවා

  • Incident response faster

Future Tech & Career Value

  • Cloud Networking (AWS, Azure)

  • DevOps & Kubernetes

  • SOC & Blue Team roles

  • Zero Trust Networking

Tools change වෙන්න පුළුවන් ඒත් Networking basics never change

Did You Know? / Tips Box

Did You Know?
Most “Internet down” issues are DNS-related.

Linux Tip:
Always check ip a before troubleshooting deeper.

Security Insight:
Attackers first learn your IP structure.

Free Learning Resources

  • Linux man pages (man ip)

  • TryHackMe – Linux Fundamentals

  • Cisco Networking Basics

  • Cloudflare Learning Center


Comments

Popular posts from this blog

Linux Files, Directories සහ Permissions සරලව | Linux Files, Directories and Permissions In Sinhala

  Linux Files, Directories සහ Permissions සරලව   Linux File මූලධර්ම වැදගත් වන්නේ ඇයි? ඔබ කවදා හෝ Linux terminal එකක් open කරලා "ඇයි හැමදේම මෙතරම් වෙනස්ද?" කියලා හිතුවාද ?    Linux , Windows හෝ macOS වගේ නෑ ,ඒත් ඒක නිසාම තමයි එය servers , cloud platforms සහ cybersecurity systems ලොව පුරා run කරන්න විශ්වාසයෙන්  පාවිච්චි කරන්නේ . Linux හි හදවතේ තියෙන්නේ files , directories , සහ permissions . ඒවා නිහඬව decide කරනවා data කොහේ තියෙනවද, කවුරුන්ට access කරන්න පුළුවන්ද, සහ programs වලට මොනවද කරන්න allow කරලා තියෙන්නේ කියලා. මේ basics තේරුම් ගැනීම confusion එක confidence එකට පරිවර්තනය කරනවා. Linux Files සහ Directories: ඒවා ගැන සිතන්න සරල ක්‍රමයක් හැමදේම File එකක් Linux වල, බොහෝ දුරට හැමදේටම file එකක් විදියට treat කරනවා: Documents Images Programs Devices (USB, hard drives) System තොරතුරු පවා මේ design එක Linux consistent සහ predictable කරනවා. Directory Tree (Folder Structure) Linux භාවිතා කරන්නේ single-root structure එකක්, ආරම්භ වෙන්නේ: / මේ r...

Linux Network Troubleshooting In Sinhala

  Linux Network Troubleshooting: ping, traceroute, සහ ss  Internet ගැටලු Fix කරන, Server ගැටලු Diagnose කරන, සහ IT Departments දිනපතා use කරන ප්‍රධාන Commands හැඳින්වීම... "Server එක down." "මට database එකට connect වෙන්න බෑ." "Website එක load වෙන්නේ නෑ." සෑම IT professional කෙනෙක්, system administrator කෙනෙක්, සහ developer කෙනෙක්ම මේ වචන නිතරම අහනවා. ඒත් ඔවුන්  panic වෙන්නේ නෑ ඔවුන් එය troubleshoot කරනවා. Linux network troubleshooting magic එකක් නෙවෙයි. එය ඔබේ computer එක සහ ලෝකයේ සෙසු කොටස අතර ඇත්තටම මොකද වෙන්නේ කියලා හරියටම reveal කරන ශක්තිමත්, built-in tools භාවිතා කරන ක්‍රමානුකූල ක්‍රියාවලියක්. ඔබ networking ඉගෙන ගන්න student කෙනෙක් වුණත්, applications debug කරන developer කෙනෙක් වුණත්, හෝ infrastructure manage කරන system administrator කෙනෙක් වුණත්  ping , traceroute , සහ ss master කිරීමෙන් network problems අභිරහස් වලින් එහාට ගිය විසඳිය හැකි ප්‍රහේලිකා බවට පරිවර්තනය වෙනවා. Network සන්නිවේදනය වැඩ කරන ආකාරය Troubleshooting වලට කලින්, මේ සරල සත්...

Linux Processes, Logs සහ System Monitoring තේරුම් ගැනීම | Linux Processes, Logs And System Monitoring In English

  Linux Processes, Logs සහ System Monitoring තේරුම් ගැනීම: පරිගණකයේ  රහස් භාෂාව සෑම Computer එකක්ම ඇතුළත සැඟවුණු සංවාදය මේ මොහොතේත් , ඔබේ computer එක තමන් සමඟම දහස් ගණන් සංවාද පවත්වනවා. Programs ආරම්භ වෙනවා, විරාම ගන්නවා, memory request කරනවා, ඒ කරන දේ ගැන සටහන් ලියනවා, සහ සමහර විට crash වෙනවා. බොහෝ users ලාට මේක කවදාවත් දැනගන්න ලැබෙන්නේ  නෑ. ඒත් Linux ඔබට හැමදේම පෙන්වනවා. Processes, logs, සහ system monitoring තේරුම් ගැනීම ඔබේ computer එකේ දිනපොත කියවීම ඉගෙන ගැනීම වගේ. එය ඔබට කියනවා මොනාද  run වෙන්නේ, මොනවාද වැරදුණේ, සහ මොනවාද crash වෙන්න යන්නේ  කියලා. ඔබ technology ගැන කුතුහලයෙන් ඉන්න student කෙනෙක් වුණත්, Linux ඉගෙන ගන්නන beginner කෙනෙක් වුණත්, හෝ cloud computing හෝ cybersecurity වලදී career එකක් බලාපොරොත්තු වෙන කෙනෙක් වුණත් මේ  දැනුම ඔබ computers දකින ආකාරය සදහටම වෙනස් කරනවා. Processes කියන්නේ මොකක්ද?  Process එකක් කියන්නේ සරලව දැන් run වෙන program එකක්. ඔබ browser එකක් open කරනකොට, music play කරනකොට, හෝ command එකක් run කරනකොට Linux proce...